ඇල්පිටිය පොලිසියේ තිදෙනෙකුට හා බූස්ස බන්ධනාගාර රැඳවියන් 17කට කොරෝනා

ඇල්පිටිය පොලිසියේ තිදෙනෙකුට හා බූස්ස බන්ධනාගාර රැඳවියන් 17කට කොරෝනා

ඇල්පිටිය පොලිසියේ නිලධාරින් තිදෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු කෝවිඩ් – 19 ආසාදිත බවට ඊයේ (09) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මීට පෙර, ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් තිදෙනකු කෝවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසකට පසුගිය 07 වැනිදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල මගින් මෙම තිදෙනා ආසාදිත බව තහවුරු වී තිබේ. ඒ අනුව ඇල්පිටිය පොලිසියෙන් වාර්තාවන කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

බූස්ස බන්ධනාගායේ ආසාදිතයන් 17 දෙනෙකු වාර්තාවීමත් සමග ආශ්‍රිත වූ අය සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ආසාදිත වූවන් රෝහල් කරා යොමු කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Facebook
Twitter
LinkedIn