බ්‍රසීල හිටපු ජනපති චෝදනාවලින් නිදහස් කෙරේ

බ්‍රසීල හිටපු ජනපති චෝදනාවලින් නිදහස් කෙරේ

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ලූලා ඩී සිල්වාට එරෙහිව පැවති දූෂණ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන 2022 වසරේදී පැවැත්වෙන මීලඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා ඔහුට යළිත් තරඟ කිරීමේ අවස්ථාවක් හිමිව ඇතැයි පැවසෙයි.

මෙහිදී ඔහුට එරෙහිව චෝදනා හතරක් ඉදිරිපත්ව තිබුණි. ඒ අනුව මෙම චෝදනා සියල්ලම ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත. කෙසේ වෙතත් මෙම තීරණයද එරට අධිකරණය වෙතින් අනුමත විය යුතුව ඇති අතර, ඊට බාධාවක් එල්ල නොවෙන්නේ නම් ලූලාට යළිත් වරක් ජනපතිවරණයට පිවිසීමේ අවස්ථාව හිමි වෙයි.

දැනට වසර කිහිපයකට පෙරාතුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පැවැති දූෂණ චෝදනා පිළිබඳ සිදුකළ පොලිස් පරීක්ෂණ මෙහෙයුම් ඔපරේෂන් කාර් වොෂ් ලෙස නම් වී තිබුණි. බ්‍රසීලයේ මුල් පෙළේ ප්‍රධාන විධායක නිලධාරින්, ඉහළ පෙළේ දේශපාලනඥයන් මෙන්ම එරටජයට අයත් බොරතෙල් සමාගමක් වන පෙට්‍රෝබාස් යන සමාගමෙන්ද ඔහු අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා පිළිබඳව මෙම පරීක්ෂණ සිදු කෙරිණි.

Facebook
Twitter
LinkedIn