පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත්, එය නවතා මෙම ආණ්ඩුව කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බවත් රජයේ මිනින්දෝරු සංගමය ඊයේ (09) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කර තිබේ.
රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වනවිට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබාදී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය. මිනින්දෝරු සංගමය ඊයේ (09) සහ අද (10) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී මිනින්දෝරු සංගමය රට පුරාම දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් ය.
දේශීය මිනින්දෝරුවරුන්ට කිසිදු යටිතල පහසුකම් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සදහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළද සේවා තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බවද නිලධාරීහු චෝදනා කරති.
පසුගිය රජය ඇමරිකාව එක්ව මෙරට ඉඩම් මැනුම් ගත කිරීමේ ක්‍රියාවලිය සහිත ලේඛණයේ මුල් පිටුව හා රට පමණක් වෙනස් කොට එම කාර්යම සිදු කරන්නට යන බවත් සිදු කරන්නට යන ක්‍රියාවලිය පිළිබධව මැනුම්පතිනිය වහා රටට හෙළි කළ යුතු බවත් ඔවූහු අවධාරණය කරති.










