අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 352ක්

අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 352ක්

අද (28) දිනය අවසන් වනවිට කොවිඩ් – 19 සාදිතයින් 352 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.

එම ආසාදිතයින් අතරින් 346 දෙනෙකු වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

තවත් සිව් දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හමු වී ඇති අතර අනෙකු දෙදෙනා වාර්තා වන්නේ විදේශයන්හි සිට පැමිණි අයගෙනි.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 79,089ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 3,824 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 83,242කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 471කි.

ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිම රටවල් අතර 88වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn