පාසැල් දැරියක් විසින් ඉදිරිපත්කල ඉල්ලීමක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් ඒ මොහොතේම (instant) ඉෂ්ට කරනු ලැබූ සුවිශේෂි අවස්ථාවක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොමරන්කඩවල පැවති “ගම සමඟ පිළිසදර” වැඩසටහනේදී දක්නට ලැබුණි.
ඊයේ (27) ගොමරන්කඩවල කිව්ලේකඩවල ගම්මානයේදී පැවැත්වූ 12 වෙනි “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක්වූ ජනාධිපතිවරයාගෙන් කුඩා පාසැල් ශිෂ්‍යාවක් ප්‍රශ්නයක් යොමු කරමින් ඇය ඉගෙන ගන්නා “පාසැලේ පුස්තකාලයට පොත්පත් නැහැ” යනුවෙන් ඉල්ලිමක් කළ මොහොතේ ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා “පොත් 500ක් දෙන්නම්. එන්න.” යනුවෙන් පවසමින් සාකච්ඡා මේසය මත තිබූ පොත් පාර්සලයක් ප්රදානය කරන ලදි.
Views: 0










