බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
ඒ නිත්‍ය නායක දසුන් ශානකගේ වීසා ගැටලුවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙනි.
වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත දසුන් ශානකට සෙසු ක්‍රීඩකයින් සමඟ කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව ලැබුණේ නැත.
තරග 03කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 04 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතය.
Views: 0










