රටපුරා සිදුවෙමින් යන පරිසර විනාශයට එරෙහිව පුරවැසි කන්ඩායම්, පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ සහ උගතුන්, බුද්ධිමතුන් අතරින් දැවැන්ත විරෝධයක් ගොඩනැගෙමින් පවති.
ගොඩනැඟෙමින් එන විරෝධයේ බලපෑම ආණ්ඩුවටද දැනී ඇතිබව මෑතකදී ආරක්ෂක ලේකම්වරයා විසින්ම ‘රටපුරා දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් යන බව’ පිළිගැනීමෙන් පැහැදිලිවේ.
සිදුවෙමින් පවතින පරිසර විනාශයට එරෙහිව පුරවැසියා දැනුවත් කරමින්, රටපුරා සංවිධානාත්මකව විරෝධය පලකරමින් සිටින ප්‍රධාන පාර්ශවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ යි. “ඩෝසරයට එරෙහිව” යනු ඔවුන් විසින් පරිසර විනාශයට පිළිබඳව පුරවැසියා දැනුවත් කරමින් රටපුරා පවත්වන සම්මන්ත්රණ මාලාවයි.
මෙම සම්මන්ත්රණ මාලාවේ එක් සුවිශේෂි අවස්ථාවක් පසුගියදා අනුරාධපුරයේදි පැවැත්විණ. එම සම්මන්ත්‍රණයේ ඇති සුවිශේෂිතාවය නම් සාමාන්‍යයෙන් ආවරණය කළ ශාලාවක් තුළ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය අනුරාධපුරයේදි පැවැත්වුයේ එළිමහනේ වැව් තාවුල්ලකයි. පසුගිය පෙබරවාරි 27 දා අනුරාධපුරයේ කුම්ඹිච්චන්කුලම වැව් තාවුල්ල මත නවතා තිබු දැවැන්ත ඩෝසරයක් ඉදිරිපිට ඉතාමත් නිර්මාණශිලිව සකසා තිබූ වේදිකාවක පැවැත්වූ මෙම සුවිශේෂි සම්මන්ත්‍රණයට ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.













