සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කළ ප්‍රමුඛතා අනුපිලිවෙලට පිටින් වෙනත් පුද්ගලයන් විසින් කොරෝනා එන්නත ලබා ගන්නා බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ සාකච්ඡා කර ඇති සෞඛ්‍ය අංශ ප්‍රධානින් විසින් ප්‍රමුඛතා අනුපිලිවෙලට පිටින් කිසිදු පුද්ගලයෙකු හට එන්නත ලබා නොදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (20) දිනයේ සිට ප්‍රමුඛතා අනුපිලිවෙලේ තුන් වන අදියරේ සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත ලබාදිම ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය අංශ නිළධාරියෙක් පවසයි.
එන්නත ලබා ගත්තද කොරෝනා සම්ප්‍රේෂණය අවම කිරීමට සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් උපදෙස් නිරන්තරයෙන් පිලිපැදිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.
“අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න කියලා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයෙන් එන්නත් ලැබුණ පසු හැමෝම එන්නත ලබා ගන්න.” ඔහු අවධාරණය කරයි.










