පවිත්‍රාට කොරෝනා වැළඳී දින 25යි. වැඩ බලන ඇමති කෙනෙකුත් පත් කෙරේ.

පවිත්‍රාට කොරෝනා වැළඳී දින 25යි. වැඩ බලන ඇමති කෙනෙකුත් පත් කෙරේ.

පසුගිය ජනවාරි 22 දා කෝවිඩ් ආසාදිත බව තහවුරු වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවම මුල්ලේරියාව බෝවන රෝග මධ්‍යස්ථානයේ(IDH) ප්‍රතිකාර ලබයි. ඇයට මේ වන විට කොවිඩ් ආසාදනය වී දින 25ක් ගත වී ඇත. PCR පරීක්ෂණයෙන් අනතුරුව ඇය කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ රෝහලට ඇතුළත් කෙරිණි.

ඉන්පසු ජනවාරි 29 දා අයි. ඩී. එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුළත් කෙරිණි. පසුගිය දිනක මාධ්‍ය වාර්තා කළේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවට ඇතුළත් කළ බවයි. ඉන්පසුව ඇය පිළිබඳ කිසි තොරතුරක් මාධ්‍යයට වාර්තා නොවීය.

මේ අතර මීට සුළු මොහොතකට කලින් ජනාධිපතිවරයා විසින් ඖෂධ නිෂ්පාදන රාජ්‍ය මාධ්‍ය චන්න ජයසුමන වැඩ බලන සෞඛ්‍ය ඇමති ලෙස පත් කර ඇත.

Facebook
Twitter
LinkedIn