පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පුද්ගල ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර නැත.
පෙබරවාරි පළවෙනිදා එම වාර්තාව කොමිසමේ සාමාජිකයන් විසින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂට භාර දෙන ලදී. ඉන් අනතුරුව ආණ්ඩුව ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වන බව ය.
වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් පසුව කැබිනට් රැස්වීම් තුනක් පැවති අතර ඒ කිසිවක දී මේ වාර්තා පිළිබඳ සාකච්ඡාවට ගෙන නොමැත.
ඊයේ කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොමිසම් වාර්තාවේ පිටු රාශියක් ඇති නිසා එහි පිටපත් සකස් කිරීමට තවත් කාලයක් ගත වන බවයි. පාස්කු ප්‍රහාරයට මේ වසරේ අප්‍රේල් මාසයට වසර දෙකක් සම්පූර්ණ වෙයි.
1










