මාර්තුවේ දී නාවික හමුදාවෙි පඩි කැපේ

මාර්තුවේ දී නාවික හමුදාවෙි පඩි කැපේ

එළඹෙන මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාවේ නිලධාරීන්ගෙන් සහ සෙබළුන්ගෙන් වැටුප් කප්පාදු කිරීමට සැරසෙන බව වාර්තා වේ. නාවික නිලධාරියෙකුගෙන් රුපියල් 1500ක් ද නාවික සෙබළකුගෙන් රුපියල් 700ක් ද වන ලෙස මෙම කප්පාදුව සිදු වනු ඇත. රජයේ ප්‍රතිපත්තීන්ට සහාය දැක්වීමක් වශයෙන් පාසල් අධ්‍යාපනයට මේ මුදල් යොදවන බව නාවික හමුදාපතිවරයා පවසා ඇත. නාවික සෙබළුන් සහ නිලධාරීන් පවසන්නේ දැනටමත් ඔවුන් ආණ්ඩුවට බදු ගෙවනවාට අමතරව දරුවන්ගේ ටියුෂන් අධ්‍යාපනයටත්, online අධ්‍යාපනයටත් සිය වැටුපෙන් මුදල් වියදම් කරන බවයි. ඊටත් අමතර වශයෙන් තම දරුවන් ඉගෙන ගන්නා පාසල්වල විවිධ කටයුතු සඳහා විටින් විට තම වැටුපෙන් මුදල් ලබා දෙන බවද ඔවුන් පවසයි.

Facebook
Twitter
LinkedIn