වෙදකඩය සම්බන්ධයෙන් අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීති විරෝධී ආයතනයක්‌ බවට තම සංගමය විසින් දරන ස්‌ථාවරත්වයෙහි කිසිදු වෙනසක්‌ වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන් හට පෞද්ගලික රෝහල් දෙකක සායනික පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇති බවට ඇතැම් බලධාරීන් විසින් ගෙන යන ප්‍රචාරයන් පිළිබඳව අද (26) පුවත්පතකට අදහස්‌ දක්‌වමිනි.

වැඩිදුරටත් වෛද්‍ය පාදෙනිය මහතා පවසා ඇත්තේ අදාළ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ට සායනික පුහුණුව යම් කිසි රෝහලක්‌ මගින් ලබා දීමට පෙර ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත යුතු බවත් එවැනි අනුමැතියකින් තොරව කිසිවෙකුට හිතුමතේට අදාළ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දිය නොහැකි බවය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්