යාපනය සරසවියේ තවත් සිසුවෙකුට මැර ප්‍රහාරයක්

 

රමජෝසිවන් කවිරාජ් නැමති යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ඊයේ (25) පරන්තන් පුනගරි හන්දිය අසලදී මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්‍රහාරයෙන් එම සිසුවාගේ හිසට බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්වය බරපතල වු බැවින් කිලිනොච්චිය රෝහලේ සිට පසුව යාපනය මූලික රෝහල දක්වා මාරුකර යවා ඇත.

මේ අතර පසුගිය (16) දා යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තවපාලන් මහතාට එල්ලවූ මැර ප්‍රහාරයට එරෙහිව පැවති ශිෂ්‍ය උද්ඝෝෂණ වලදී ඉදිරියෙන්ම කටයුතු කරල ලද‍්දේද මොහුය.

එම උද්ඝෝෂණය සිදු කරනු ලැබූ අවස්ථාවේදී එයට සහභාගී වූ පිරිස් ආරක්ෂක අංශ විසින් පටිගත කර ඇතැයිද සිසුන්ට වරින් වර මරණීය තර්ජන එල්ලවන බවද වාර්තා‍වේ.

මෙම මිලේඡ්ච ප්‍රහාරයන්ගේ වගකීම ආණ්ඩුව විසින් භාරගතයුතු බව සරසවි සිසුන් චෝදනා කරයි.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්