ගුරුවරයාගේන් පහර කෑ සිසුන් දෙදෙනා රෝහලේ

ගලේවෙල කලාප අධ්‍යාපන බල ප‍්‍රදේශයේ පාසලක් වන පල්ලෙපොල අකුරම්බොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට එම විද්‍යාලයේ ගුරුවරයකු අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියෝ මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ද කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඩිල්ෂාන් පුවක්පිටිය හා ශානුක කරුණාරත්න නැමැති සිසුන් දෙදෙනෙක් වන අතර ඔවුන්දෙදෙනා මාතලේ මූලික රෝහලෙහි 13 වැනි වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ඇතැයි පැවසේ.

විදුහලේ නේවාසිකාගාරය අසලින් ගමන් ගනිද්දී එහි ජනෙල්වල වීදුරු බිදදමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාකරමින් මෙම සිසුන්ට ගුරුවරයා විසින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

අදාළ සිද්ධිය සිදුවූ අවස්ථාවේ තමා පාසලේ නොසිටි බව අකුරම්බොඩ විදුහලේ විදුහල්පතිනි යසෝමා දිසනායක මහත්මිය පවසා ඇති අතර, දරුවන්ට කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන් පැමිණිලි කර ඇතැයි ද පවසා තිබේ.

 

Facebook
Twitter
LinkedIn