රනිල්ට එරෙහි කැරැල්ල නැවතත් කරළියට

 

එජාපයේ නායකත්වයට එරෙහි වූවන් පිළීබදව විනය ක්‍රියාමාර්ග ඇරඹීමත් සමග රනිල්ට එරෙහි කැරලිකාරීත්වය යළි හිස ඔසවා ඇත.

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තවදුරටත් පැවතියහොත් කිසිදා කිසිදු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බව එජාපයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වන රුක්මන් සේනානායක මහතා ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීම මෙහි  අලුත්ම පියවර විය.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ වනවිට මැතිවරණ රැසක් පරාජයට පත්ව ඇතිබවත් ලෝකයේ වෙනත් රටවල මෙසේ සිදුවුහොත් ඒ ඒ පක්ෂවල නායකයන් ඉල්ලා අස්වන නමුත් එජාප නායකවරයා එසේ නොමැති බවත් ඒ හේතුවෙන් පක්ෂ සාමාජිකයින් පක්ෂයෙන් ඈත්ව යන බවත්ය.

මෙම මාධ්‍ය හමුව සදහා එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වූ ඉමිතියාස් බාකිර් මාකර් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වී සිටියහ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්