විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ඇති ආරක්‍ෂිත කලාපයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ආධාරකරුවන්ට වගා කටයුතු කිරීමට හැකිවන පරිදි අඩි 20 ක මාර්ගයක් ඉදිකෙරෙමින් පවතින බව වනජීවී කාර්යල ආරංචි මාර්ග වාර්තා කරයි.
කිලෝ මීටරයක පමණ පළලින් යුත් මෙම රක්‍ෂිත කලාපය දැනටමත් ගස් කපා දමා හෙළි පෙහෙළි කරමින් තිබේ.වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සිට දකුණට කිලෝ මීටර් 20 ක්‌ද උතුරු දෙසට කිලෝ මීටර් 75 කද දුරක් වන ලෙස මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.
ප්‍රධාන දොරටුවේ සිට දකුණට හුණුවිලගම, මුණසිංහගම, පිඹුරැල්ලේගම, කටුපත්වැව, කබරගොයා වැව හා කිරිමැටියාව යන ප්‍රදේශ අයත් වන අතර උතුරු දෙසට කපන මාර්ගයට ඇහැටුවාගම කුඩා වැව, කුකුල්කඩුව, ඊමිටිකුලම, ඇලපත්ගම, කදුරුපිටිය, දුනුමඩලවැව, මහවිලච්චිය හා තන්තිරිමලේ දක්‌වා වූ ප්‍රදේශ අයත්වන බව සදහන්ය.
6









