තමන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ බවත් ඊට තමන් ගොදුරු කර ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වු බවත් කුමාර සංගක්කාර ප්‍රකාශ කළේ යැයි “දි අයිලන්ඩ්” පුවත්පත වාර්තා කර තිබේ.
ක්‍රිකට් බලධාරින් තමන්ට එරෙහිව කටයුතු කළ බව හිටපු නායක කුමාර සංගක්කාර කියයි.
චැම්පියන්ස් ලීග් තරගවලදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ලසිත් මාලිංග නිදහස් කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් පසුගියදා තීරණය කළ අතර පසුගිය වසරේ කුමාර සංගක්කාරට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එම අවස්ථාව ලබා නොදුන් නමුත් මෙවර ලසිත් මාලිංග සම්බන්ධ සිදුවීමේදී මාලිංග ගත් තීරණය නිවැරදි බවද කුමාර සංගක්කාර පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කුමාර සංගක්කාර සදහන් කර ඇත්තේ තමන්ට එරෙහිව ක්‍රිකට් බලධාරින් කටයුතු කළ ආකාරය මාලිංගගේ සිදුවීම හරහා පැහැදිලි වන බවයි.
මේ වනවිට ක්‍රිකට් බලධාරීන් තමන් සමග සුහදව කටයුතු කරන බවත් මේ වනවිට තත්වය වෙනස් බවත් කුමාර සංගක්කාර පවසා තිබේ.









