1945 අගොස්තු 6 වෙනිදා ජපානයේ හිරෝෂිමාවට පරමාණු බොම්බයක් හෙලා 140,000ක ජනතාවක් මරා දැමූ කණ්ඩායමේ අවසාන පුද්ගලයාද මිය ගොස් තිබේ. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව සිදුකල දැවැන්තම යුධ අපරාධයේ සාමාජිකයෙකු වූ තියඩෝර් වැන්කිර්ක් නම් වූ මේ පුද්ගලයා මිය යන විට 93 වන වියේ පසු විය.
එවකට 24 වැනි වියෙහි පසු වූ තියඩෝර් පරමාණු බෝම්බය දැමූ B-29 Superfortress වර්ගයට අයත් Enola Gay නම් ගුවන් යානයේ මග පෙන්වන්නා වශයෙන් කටයුතු කර තිබේ. ඊට අමතරව ඔහු බෝම්බ හෙලීමේ මෙහෙයුම් 60කට පමණ සහභාගි වී තිබේ.
වසර කීපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පවසා ඇත්තේ එදා එම ක්‍රියාව අත්‍යවශ්‍යව තිබූ බවය. තමන් පුද්ගලිකව පරමාණු බෝම්බ වලට කැමති නැති බවත් එහෙත් තම හතුරන් අත එකදු හෝ පරමාණු බෝම්බයක් ඇත්නම් ඊට වඩා ප්‍රමාණයක් තමන්ට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
එහෙත් ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ ජපානය සතුව පරමාණු බෝම්බ නොතිබුනා සේම ඔවුන් තම යටත්වීම ප්‍රකාශ කර තිබියදී පවා එය නොසලකා ඇමරිකාව පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවය. එමෙන්ම හිරෝෂිමාවට අමතරව තවත් පරමාණු බෝම්බයක් නාගසාකි නගරයට දැමීමටද ක්‍රියා කළ ඇමරිකාව එයින් තවත් 80,000ක පමණ ජපන් වැසියන් පිරිසක්ද මරා දමන ලදි.
මේවායේ අරමුණ වී ඇත්තේ ලෝකයේ බලවතා තමන් බව පෙන්වීමටත් තම නව අවිය යුධ බිමේ අත්හදා බැලීමටත් ඇමරිකාවට තිබූ අවශ්‍යතාවය බවද ඉතිහාසඥයින් පෙන්වා දෙති. මෙසේ ඇමරිකාව තම පටු අරමුණු දෙකක් වෙනුවෙන් 220,000ක පමණ ජනාතාවක් මරා දැමීම පිළිබඳව කිසි විටෙකත් කණගාවූ වී නොමැත. ප්‍රධාන මාධ්‍ය පවා අදත් එය පලකරන්නේ ඇමරිකානු වීර ක්‍රියාවක් ලෙසිනි.
එමෙන්ම වර්තමානයේදී පවා ඔවුන් තම අවි ආයුධ පරික්ෂා කිරීමට වෙනත් රටවල අහිංසක ජනතාව නිකරුනේ ඝාතනය කරති. ඉරාකයේදී සිදු කළ මෙවැනි අවි අත්හදා බැලීමේ පරික්ෂණ පිළිබඳ සවිස්තර තොරතුරු පවා ලෝකයට හෙලි වී ඇත.
පසුවදන – ලෝකයේ මානව හිමිකම් පිළිබඳව ප්‍රමුඛයා ලෙස පෙනී සිටිමින් තමන්ට අවනත නොවන අනෙක් රටවලට යුධ අපරාධ සහ මානව හිමිකම් චෝදනා එල්ල කරන්නේද එම ඇමරිකාවමය. එයිනුත් නොනැවතී තමන්ට අවශ්‍ය විට හේතු නිර්මාණය කරමින් හෝ අනෙක් රටවලට සම්බාධක පවා පනවනු ලබයි. එමෙන්ම ඉතිහාසයේ සිට ලෝකයේ වැඩිම යුධ අපරාධ සංඛ්‍යාවක් කළ ඇමරිකාවට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
මෙහි වැදගත්ම ලක්ෂණය වන්නේ ලෝකයේ අනෙක් බොහෝ රටවල්ද තම රටට අවාසි වන පසුබිමකදී වුවත් ඇමරිකාවට අවනතව කටයුතු කරන බව දක්නට ලැබීමය. ඊට හේතුව සියුම්ව නිරික්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඇත්ත වශයෙන්ම ඊට අවනතව කටයුතු කරන්නේ අදාල රටවල පාලකයන් මිස ජනතාව නොවන බවය. ඒ එවැනිම ආකාරයේ දුර්දාන්ත පාලනයන් රට තුල පවත්වාගෙන යාම සඳහාය. මක්නිසාද යත් දේශීය ආර්ථිකයන් ගොඩනැගීමට අසමත් එවැනි රටවලට ඇමරිකාවේ සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සේවාවල ණය ආධාර අත්‍යවශ්‍ය වන බැවිනි. එම රටවල පාලකයන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අතර යම් කිසි එකඟතාවයක් පවතින බවත් එය ජනතාවගෙන් වසන් කර අධිරාජ්‍ය විරෝධතාවයක් තම රටේ ජනතාවට පෙන්වමින් සිටින බවත් වැඩි දුරටත් කරුණු සොයා බලන්නෙකුට පැහැදිලි වේ.
ඒ අනුව ලෝකයේත් රටක් තුලත් නීති හා ප්‍රතිපත්ති යනු බලවතාගේ නොහොත් පාලකයාගේ කැමැත්ත බවට වන ප්‍රකාශය නිවැරදි බව දැකිය හැකිය. එමෙන්ම එකම ආකාරයේ සිදුවීම් පවා බලවතුන්ගේ වාසියට අර්ථ කථනය කරමින් සාධාරණය අසාධාරණය බවටත් අසාධාරණය සාධාරණය බවටත් තමන්ට අවශ්‍ය ආකාරයට නිරූපනය කර භාවිතයට ගැනීම අතීතයේ සිට අද වන තුරුත් සිදු වෙමින් පවතී. එහි තිබෙන ඛේදනීය තත්වය වන්නේ එම වැරදි චිත්‍රය වඩාත් තදින් පිලිගනු ලබන්නේ අසාධාරණයට ලක් වූ පාර්ශවය විසින්ම වීමයි.
ජපානය අද ඇමරිකාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙතින් පැහැදිලි වන්නේ එය නොවේද?

හිරෝෂිමාවට පරමාණු බෝම්බය දැමූ B-29 Superfortress ගුවන් යානයේ තියඩෝර් වැන්කිර්ක් ඇතුළු කණ්ඩායම

පරමාණු බෝම්බය දැමීමට පෙර සහ පසු හිරෝෂිමා නගරය









