ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මූල්‍ය අර්බුදයෙන් මුදා ගැනීම සඳහා සංස්ථාව සතු ජා-ඇල ඒකල පිහිටි අක්කර 71ක ඉඩම විකිණීමට එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ යෝජනාවකට අනුව ගුවන්විදුලි සංස්ථාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ සඳහා අනුමැතිය ඉල්ලා ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
එසේ අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින්, සංස්ථාව නවීකරණය කිරීම, අතිරික්ත සේවකයින් සඳහා ස්වේඡා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, සංස්ථාවේ ගුවන් විදුලි නාලිකාවල වඩසටහන්වල අන්තර්ගතය පෞද්ගලික නාලිකා සමග තරග කළ හැකි ලෙස වැඩිදියුණු කිරීම යනාදිය වෝජනා කර ඇත.
ගුවන් විදුලි සංස්ථාවේ මේ වන විට මාසිකව රුපියල් කෝටි එකහමාරක පමණ පාඩුවක් ලබන බැවින්, එම පාඩුව පියවා ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂික රුපියල් කෝටි එකහමාරක මුදලක් ලබා ගැනීමටද ඇමතිවරයා යෝජනා කර තිබේ.
මේ අතර ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සිට විකාශනය කෙරෙන ගුවන්විදුලි නාලිකා 07 නාලිකා 04 දක්වා අඩු කිරීමටද යෝජනා කර ඇත.
ගුවන්විදුලි සංස්ථාව මාසිකව රුපියල් එක්කෝටි විසිලක්ෂයක (රු. 12,000,000) ආදායමක් ලැබුවද සංස්ථාවේ සේවක වැටුප් හා විදුලි බිල සඳහා රුපියල් පන්කෝටි විසිලක්ෂයක (රු. 52,000,000) මුදලක් වැය වන බව ඇමති රඹුල්කැල්ල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.









