මහින්ද රාජපක්ෂ ජනාධීපති ජීවත්ව සිටින තුරු වෙනත් ජනාධිපතිවරයෙකු පත් නොවන බව ඉර-හඳ සේ විශ්වාස යැයි දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පවසා තිබේ.
වත්මන් ජනාධිපතිවරයාගේ ක්රියාකලාපයන්වෙත එල්ලවන චෝදනා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ප්රජාතාන්ත්රීකව කටයුතු කිරීමට ඇති ඉඩ කඩය ඇහිරීම, මාධ්‍ය ආයතන ගිනිතැබීම, මාධ්‍යවේදීණ් ඝාතනය, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවක වැටුප් ඉහළ නොදැමීම සහ ජනතා සුභසාදනය දිනෙන් දින කප්පාදු කිරීම ආදී චෝදකා රැසක් ඒ අතර වේ.
මෙයට එරෙහිව රටේ ජනමතයක් ගොඩනැගෙමින් තිබියදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මත පළ කරන කුමාරි බාලසූරිය මහත්මියගේ කථාවෙන් කියවෙන්නේ මීලඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැරදවීමටනම් ඔහු ජීවිතයෙන් සමුගතයුතු බවයි.
ඇයගේ මෙම ප්‍රකාශය අනුව ජනාධිපතිවරයාට ඉදිරියේදී යම් ජීවිත තර්ජනයක් එල්ලවීමට ඉඩ ඇති බවත් ඇය ඒ සඳහා යම් පිරිසකට ආරාධානා කර ඇති බවත් දේශපාලන විචාරක මතය වී ඇත.










