“සිංහල, දෙමළ, මුස්ලිම් අපිට එක්ව ඉන්නට ඉඩ දියව්!” යන්න තේමාකර ගත් සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද සහෝදරත්වයේ රැලිය අමතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිතවරිය සහ කියුබාවේ හිටපු ශී‍්‍ර ලාංකික තානාපතිනය වන තමාරා කුනනායගම් විසින් පවත්වන ලද දේශනය ඇසුරින් මෙම ලිපිය සකස් කරන අතර ඇය විසින් සිදුකළ දේශනය පහතින් පළ වේ.
මිත්‍රවරුනි, සහෝදරවරුනි,
අද මම මේ අවස්ථාවට සහභාගිවෙලා ඉන්නෙ මම ශී‍්‍ර ලාංකිකයෙක් වෙන නිසා, ශී‍්‍ර ලාංකිකයෙක්වීම මට ආඩම්බරයක් වන නිසා. ඒ වගේම අප අද මුහුණ දී තිබෙන ගැටලූවට විසඳුම බෙදා වෙන්කිරීම නොවන නිසා. මම විශ්වාසයෙන් යුතුව කියනවා සූරාකෑමට සහ අසාධාරණයට එරෙහිව සටන් කළ හැක්කේත්, අමාරුවෙන් දිනා ගන්නා ලද එමෙන්ම තර්ජනයට ලක්ව ඇති නිදහස් සහ ස්වෛර්ත්වය ආරක්ෂා කර ගත හැක්කේ මිනිසුන්ගේ එකමුතුව තුළින් පමණක් බව.
1983 අඳුරු කළු ජූලිය සිහිපත් කරමින් යළි එවැන්නක් ඇති නොවනු පිණිස එකමුතුව වෙනුවෙන් මෙම ඉතාම කාලෝචිත රැලිය සංවිධානය කිරීම පිණිස මම සමාජවාදී තරුණ සංගමයට මගේ ආචාරය පුදකර සිටිනවා. කළු ජූලිය විස්තර කළ හැක්කේ අපේ රටේ මෑත ඉතිහාසයේ එක් අඳුරුතම පිටුවක් ලෙසිනි.
අද, ඒ අඳුරු සිදුවීමෙන් වසර 31කට පසුව, බෙදුම්වාදයට එරෙහි වසර 26ක කුරිරු යුද්ධය නිමාවීමෙන් අනතුරුව, අපේ රටේ සාමයට නැවතත් තර්ජනයක් එල්ල වී තිබේ. ඒ සිංහල බෞද්ධ අන්තවාදය නැවත වරක් අශෝභන ලෙස හිස ඔසවමින් තිබෙන හෙයිනි.
1983දී මෙන්ම අදත් අපේ රටේ දේශපාලනඥයින් තමන්ට හැමදාමත් බලයේ සිටීමේ උවමනාව වෙනුවෙන් ජනතාව ජාතිකත්වයන්, ආගම්, සංස්කෘතීන් අනුව වෙන් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා.
1983 මෙන් අදත් ඉහළ යන සමාජ අසාධාරණයට, ධනයේ මාන්නාධික බවට සහ දූෂණයට, සාමාන්‍ය මිනිසා විසින් ආපසු ගෙවිය යුතුවන රටේ ඉහළ යන විදේශ ණයට, අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය නොතකා හැරීමට එරෙහිව විවේචන හා විරෝධය එල්ලවෙමින් තිබේ. 1983දී මෙන් අදත්, ජනතාව පාවා දෙන ලද, බලයේ පවත්නා ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය වර්ධනය වෙමින් තිබේ. එබැවින් දැන් තවදුරටත් බලයේ රැඳී සිටීම වෙනුවෙන් නැවත වරක් ජනතාව පාවාදීමට ඔවුන් සූදානම්ය.
එසේම 1983දී මෙන් අදත්, පාලකයින් සැබෑ පීඩනය වෙනතකට යොමු කිරීම උදෙසා වෙනත් මාර්ග සෙවීමට උත්සාහ ගනිමින් සිටී. ඒ බලයේ සිටීම නැමති තම එකම අරමුණ උදෙසා ජනතාව බෙදා වෙන්කිරීමයි. අපි 1980 මතකයට නංවා ගනිමු. ඒ කළු ජූලියට වසර 3කටත් අඩු කාලයකට පෙරයි. එවකට බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන පාලනයට, නැගී එන ජනතා අසහනයට හා රජයේ සේවකයින් 140,000ක් පමණ එක්වී කරන ලද සමස්ථ මහා වැඩ වර්ජනයට මුහුණ දීමට සිදුවී තිබුණි. මේ තත්වය හදිසියේම දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදයක් බවට හරවන ලදී. ඉතිරිය පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරනු ඇත.
බෙදුම්වාදයට එරෙහිව යුද්ධය ජයග්‍රහණය කළ ආණ්ඩුව අවාසනාවන්ත ලෙස සාමය දිනාගැනීමට අසමත් වී ඇති බව පැහැදිලිය.
දිගටම තම පටි තදකර ගන්නා ලෙසත් කැපකිරීම් කරනා ලෙසත් ජනතාවගෙන් ඉල්ලීම් කරනු ලැබෙමින් තිබේ. ජීවන වියදම ඉහළ යමින් තිබෙන අතර සැබෑ වැටුප පහළ ගොස් තිබේ. පෞද්ගලිකරණය සහ ලිබරල් කරණය නිසා රටේ අධ්‍යාපන ක්ෂේත්රය කඩා වැටීමට ලක්ව ඇත. පොදු සෞඛ්‍ය සේවාවෙන් බලාපොරොත්තු වන සේවය ඉටුවීමත් සිදු නොවේ. පොදු ප්‍රවාහන පද්ධතිය ගරාවැටී ඇත. එය මිළ අධික මෙන්ම භයානක එකක් බවට පත්ව ඇත.
කළු ජූලියට මෙන්ම 26 වසරක් පුරා පැවති යුද්ධයට වගකිය යුතු වන ජයවර්ධන පාලනය මෙන්ම වත්මන් පාලනයද දිගින් දිගටම නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ජනතාව මත බලයෙන් පටවමින් තිබේ. එමෙන්ම එක් තැනක් වෙත බලය ඒකරාශි කරන, පාර්ලිමේන්තුව පවා නොසලකා හරින, දේශපාලන පක්ෂ විනාශකර දමන සහ තවදුරටත් සූරාකෑමට ඉඩ සලසන, වැඩකරන ජනතාව සහ ප්රගතිශීලී බලවේග මර්දනය කරනු ලබන විධායක ජනාධිපති ක්‍රමයෙන් වතමන් ආණ්ඩුව තවදුරටත් වාසි ලබා ගනිමින් සිටී.
අපිට මතකයි 1977දී රජයේ ව්‍යාපාර සහ සේවාවන් පුද්ගලීකරණයට මග පාදන ලද්දේත්, වෙළඳපොළ නිදහස් කරණයට ලක් කළේත්, දැවැන්ත භාහිර ණය ගැනීම් මත පදනම් වූ අපනයන ආර්ථිකයකට මග පාදන ලද්දේත්, නිර්ධන පන්ති ව්‍යාපාර සහ වාමාංශික බලවේග සාපරාදී සංවිධාන ලෙස නම් කරන ලද්දේත්, ජාතිකත්වයන් මත රට බෙදීමට ලක් කළේත් මේ විධායක ජනාධිපති ක්‍රමයයි.
අද අපේ රට මොන්සැන්ටෝ වැනි බහුජාතික සමාගම් වෙත විකිණෙමින් පවතී. ඔවුන් අපේ රටේ ජනතාවගේ යැපුම් මාර්ග අහිමි කරමින් තිබේ. රටේ නිෂ්පාදන සම්පත් සොරකම් කරමින් තිබේ. පරිසරය දූෂණය කරමින් ජනතාවට විෂ කවමින් සිටී. (රතුපස්වල දී අප අත්දුටුවා මෙන්) එමෙන්ම අපේ රට පිළිබඳව තීරණ ගැනීමට බාහිර බලවේග මත රඳා පැවැත්මට ඉඩකඩ සලස්වමින් තිබේ.
දිනපතාම හෙට වඩා යහපත් දවසක් කර ගනු පිණිස අද අලුත් කැපකිරීමක් කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටිමින් තිබේ. එමෙන්ම මර්දනය පිළිබඳව විශාල කතිකාවතක් ඇති බව පෙනේ. අප අසනුයේ ඒ කා සඳහාද යන්නයි.
ජනතාව හිඟමනට පත් කෙරෙමින් තිබේ. විදෙස් ණය මත පදනම් වූ නිෂ්ප්රයෝජනවත්, ප්‍රදර්ශනාත්මක දැවැන්ත ව්‍යාපෘති විසින් උත්පාදනය කෙරෙන රැකියා අවස්ථා නොමැත. වරප්‍රසාද ලත් සුළුතරයක් විසින් දැවැන්ත පගා, කොමිස් හා අයුතු දීමනා ඔස්සේ විශාල දේපලක් රැස් කරමින් තිබේ. එමෙන්ම ශී‍්‍ර ලංකාව “අලුතින් මතු වූ ධනවතුන්ගේ” කෙළි බිමක් බවට පත්ව තිබේ. පසුගිය මාසයේ පමණක් SS400 වර්ගයේ සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් රථ හතලිහක් අපේ රටේ ලියාපදිංචි වී තිබේ.
පසුගියදා ශී‍්‍ර ලංකාව විසින් සී ෂෙල්ස්හිදී ලංකා බැංකුවේ ශාඛාවක් විවෘත කරන ලදී. මහබැංකු ප්‍රධානීන් පවසන පරිදි එය අපි‍්‍රකාවේ ශී‍්‍ර ලාංකික ආයෝජිකයින්ට හොඳ අවස්ථාවක් වනු ඇතැයි කියනු ලැබේ. සැබවින්ම එය විහිළුවක්. ශී‍්‍ර ලංකාව අප්‍රිකාව සමග පවත්වන වෙළඳ ගනුදෙනු ඉතා අල්පබව අපි හැමෝම දන්න කාරණයක්. ඊට වඩා අඩු දේශපාලන සබඳතාවයක් හා රාජ්‍යතාන්ති‍්‍රක නියෝජනයකුයි තිබෙන්නෙ. අපේ රටේ දේශපාලන ප්‍රතිපත්ති සම්පාදකයින් සලකන්නේ අපි‍්‍රකාව අපිට කිසිදු ප්‍රයෝජනයක් ලබාගත නොහැකි අන්ත දුප්පත් කලාපයක් ලෙසිනි. එසේ තිබියදී සීෂෙල්ස්හි ලංකා බැංකු ශාඛාවක් ඇරඹීමට තරම් හදිසියේ ඇති වූ උනන්දුව පිටුපස ඇති හේතුව කුමක් ද? පිළිතුරු වනු ඇත්තේ “එය ඉතා හොඳින් දන්නා අයථා මුදල් වසන් කිරීම සඳහා වූ මධ්‍යස්ථානයක්” යන්නය.
මිත්‍රවරුනි ! සහෝදරවරුනි !
අපේ රටේ මිනිසුන්ට අවශ්‍ය කුමක්ද යන්නට සවන්දීමට කාලය එළඹ ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් උපන් රටේ සාමයෙන් ජීවත්වීමටත්, එම රටේ නිදහසේ තම දරුවන් ඇති දැඩි කිරීමටත් අයිතියක් මිස විදෙස් රටක දෙවන පන්තියේ පුරවැසියෙක් ලෙස ජීවත් වීමට නොවේ.
මිනිසුන් වඩ වඩාත් තමන්ගේ හඬට සවන් දෙන ලෙස ඉල්ලීම් කරමින් තිබේ. ඒ අතර පාලනය විසින් ජනතාව බෙදීමට උපායයන් සොයමින් සිටී. ඒ සඳහා ඊයේ ඔවුහු දෙමළ මිනිසුන් යොදා ගත්හ. අද ඔවුන් මුස්ලිම් ජනතාව යොදා ගනිමින් සිටී. අපි දැන්මම, ඉක්මනින් කි‍්‍රයා නොකළහොත් හෙට ඔවුන් ඉතිරිව ඇති අප සැම සොයා එනු ඇත. එහිදී ඊට විරෝධය පළ කිරීමටවත් කිසිවෙක් ඉතිරි නොවනු ඇත. පැසිස්ට්වාදී ජර්මන් සමයේදී ශ්‍රේෂ්ඨ ජර්මන් බුද්ධිමතෙක් වරෙක මෙසේ කීවා;
“මුලදි ඔවුන් කොමියුනිස්ට්වරුන් සොයා ආහ.
මම ඒ පිළිබඳව කථා නොකළෙමි.
මන්ද,
මා කොමියුනිස්ට් වරයෙකු නොවූ හෙයිනි.
ඊළඟට ඔවුහු සමාජවාදීන් සොයා ආහ.
මම කිසිත් නොකීවෙමි.
මන්ද,
මා සමාජවාදියෙක් නොවූ හෙයිනි.
ඊළඟට ඔවුහු වෘත්තීය සමිති නියෝජිතයෝ සොයා ආහ.
මම කිසිත් නොකීවෙමි
මන්ද,
මම වෘත්තිය සමිති නියෝජතයෙකු නොවූ හෙයිනි
අවසානයේ ඔවුහු මා සොයා ආහ.
එවිට මා වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකුත් නොවීය”
බලය සහ කෑදරකම විසින් රෙජීමය යටත් කරගනු ලැබ තිබේ. අපි එය ඔවුන්ගේ ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති තුළින් දකින්නෙමු. එමෙන්ම ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්තිය තුළින්ද අපි එය දකින්නෙමු. මෙහිදී එක් විශේෂ වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. එනම් ස්වෛරිත්වය ආරක්ෂා කිරීමේ මුවාවෙන් මෙරට ආණ්ඩුව වොෂින්ටනයේ බලයට යටත් වී ‘ස්වාධීන’ යැයි කියා ගන්නා ප්‍රවීනයන්ගේ උපදේශන මණ්ඩලයක් පත්කරනු ලැබ ඇති බවයි. ඔවුහු යුගෝස්ලෝවියාව බෙදා වෙන් කිරීමටත්, ඕනෑම තැනක කොසොවෝ මොඩලයේ පාලනයක් ස්ථාපිත කිරීමටත් කෙලින්ම වගකිව යුත්තෝ වන්නාහ. හරියටම ඔවුන් අද සිරියාවට කිරීමට සැරසෙන දෙය මෙන්.
මේ මිනිසුන් තමන්ගේ මෙන්ම තම රටේත් අනාගතය සියතට ගත යුතු කාලයයි !
සැබෑ සාමය සොයා ගැනීමට නම් අපි සියලුම ආකාරයේ සූරාකෑම්, අසාධාරණයන් සහ අසමානතාවයන් අවසන් කළ යුතුව ඇත.
එක් අතිශය වැදගත් පැනයකට අප විසින් පිළිතුරු සැපයිය යුතුව ඇත. එනම්, අපටත්, අපේ දරුවනුත්, දරුවන්ගේ දරුවනුත් උදෙසා අවශ්‍ය වන්නේ කවර ආකාරයේ සමාජයක්ද යන්නයි. අපට ඉතා ඉක්මනින් නව සමාජ දැක්මක් අවශ්‍යව තිබේ. සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය, සහයෝගීතාවය සහ ජාත්‍යන්තරවාදය යන මූලධර්මයන් මත පදනම්වූ සමාජයක් අපට අවශ්‍යය. පරිසරයට ගරු කිරීම මත පදනම් වූ සමාජයක් අපට අවශ්‍යය.
අපි සියලුම ආකාරයේ බෙදා වෙන්කිරීම්වලට එරෙහිව සටන් කළ යුතුයි. ආගම හා ජාතික්තවය නොතකා අපි අපේ රටේ සියලුම දේශපේ‍්‍රමී බලවේග එක්සත් කළ යුතුයි. ප්‍රතිසංවිධානය යනු හුදෙක් දමිළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට හෝ සිංහල ජනතාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය සමස්ත ශී‍්‍ර ලාංකිකයන් උදෙසා පවතින්නකි. අපි ශී‍්‍ර ලාංකිකයින් ලෙස සිතා කටයුතු කළ යුතුයි.
කම්හලේදී, ගමේදී, පොදු සමාජයේදී යන සෑම තැනකදීම අරගලය කළ යුතුයි.
· අපි සමාජයේ විප්ලවීය වෙනසක් උදෙසා සටන් කළ යුතුයි. පූර්ණ සමානාත්මතාවය සහ තනි පුද්ගල කණ්ඩායමක් වෙත වරප්‍රසාද ලබාදීම අහෝසි කිරීම යන කරුණු මත පදනම්ව සියලූ ජනතාව එක්සත් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති හා ව්‍යුහයන්හි විප්ලවීය වෙනසක් උදෙසා සටන් කළ යුතුයි.
· වෙළඳ පොළ හෝ ලාභය හෝ තරගය මත නොව මිනිසුන් සහ සහයෝගීතාව මත පදනම් සමාජයක් උදෙසා අපි සටන් කළ යුතු වෙමු.
· ප්‍රාග්ධන හිමියන්ගේ හෝ වරප්‍රසාද ලත් කීප දෙනාගේ අවශ්‍යතාවය මත නොව, ජනතාවගේ අවශ්‍යතාව මත පදනම් වූ ආර්ථිකයක් උදෙසා අපි සටන් කළ යුතු වෙමු.
· රටේ ප්රයෝජ්ය සම්පත් වන භූමිය, ප්රාග්ධනය, තාක්ෂණය හා දැනුමේ පාලනය මෙන්ම තම ශ්‍රමයේ පාලනය පිළිබඳ බලය අප අතට ලබා ගැනීම සඳහා අපි සටන් කළ යුතුව ඇත.
· වංචා දූෂණ, අගතිගාමී ඥාති සංග්‍රහ සහ ධනේශ්වරයට ආවේණික අසමානතාවය නැති කිරීමට අපි සටන් කළ යුතුව ඇත.
· නව ආයතන ව්‍යුහයක් උදෙසා, නව ව්‍යවස්ථාවක් උදෙසා සහ විධායක ජනාධිපති ක්‍රමයට අනිවාර්ය නැවතීමේ තිත තැබීම උදෙසා අපි සටන් කළ යුතුව ඇත.
· අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අප ලොවපුරා සිටින සියලු ප්රගතිශීලී බලවේග සමග එක්ව ඇත්වැල් බැඳගත යුතුයි.
මේ අවස්ථාවේ පලස්තීනයේ ජනතාව වෙත විශේෂයෙන්ම ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව වෙත, සාපරාධී, වර්ගවාදී, සියෝන්වාදී, ඊශ්‍රායල් රෙජිමයට එරෙහිව ඔවුන්ගේ අරගලය වෙනුවෙන් අපගේ සහයෝගීතාවය පළකර සිටින්නෙමු.
අප මෙන්ම පලස්තීනුවෝද ඔවුන්ගේ එක්සත් බව ආරක්ෂා කරගනු පිණිස සටන් වැද සිටිති. ගාසාහි සිදුවන ජන සංහාරයට එරෙහිව බයාදු විවේචන එල්ල කිරීමෙන් තොරව නොබියව විරෝධය පළ කරන ලෙස අපි ලංකාවේ රජයට බලකර සිටිමු.
ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලය හුදෙකලා කොට වර්ජනය කිරීමට අනෙක් රටවල් හා සංවිධානය වීම සඳහා අපි ලංකාවේ රජයට බලකර සිටිමු.
ටෙල්අවිව්හි සිටින ශී‍්‍ර ලාංකික තානාපතිවරයා ඉක්මනින් ඉවත් කරවා ගන්නා ලෙස අපි බලකර සිටිමු.
ප්‍රංශ මහා විප්ලවයේ 1993දී කරන ලද පුරවැසි සහ මිනිස් අයිතිය පිළිබඳ ප්රකාශනය උපුටා දක්මවින් මම නිහඬ වෙමි.
“ආණ්ඩුව විසින් ජනතාවගේ අයිතීන් කඩකරන කල්හි, මිනිසුන්ගේ මෙන්ම සෑම මිනිස් කණ්ඩායමකම ශුද්ධ වූ අයිතිය සහ වගකීම වනුයේ ඊට එරෙහිව නැගී සිටීමයි.”
පලස්තීනයේ එක්සත් බව දිගුකල් දිනේවා !
ශී‍්‍ර ලංකාවේ ජනතාව අතර එක්සත් බව දිගුකල් දිනේවා !
ජාත්‍යන්තර සහයෝගීතාවය දිගුකල් දිනේවා !
video ලංකාවම අලුතින් මතුවූ ධනවතුන්ගේ කෙලිබිමක් වෙලා









