ඌව පළාත් සභා මැතිවරණයට අදාළ නාමයෝජනා හෙට (30) සිට අගෝස්තු මස 06 වන දින දහවල් 12.00 දක්වා බාරගැනීම සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන සියළු දේශපාලන පක්ෂ මේ වනවිට තම තමන්ගේ නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටී. විශේෂයෙන්ම මෙවර ඌව පළාත් සභා මැතිවරණය ආරම්භයටත් පෙර සිටම වඩාත් උණුසුම් වී තිබේ. විපක්ෂයේ ප්රචාරක කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර එයට මුහුණ දීම සඳහා ආණ්ඩුව ජංගම සේවා පවත්වමින් සහ විවිධ භාණ්ඩ බෙදාහරිමින් ප්රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර 03ක් ඉවත් කොට මොණරාගල දිස්ත්‍රික්කයට එකතු කිරීමත් සමඟ ආණ්ඩුපක්ෂයේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී බරපතල අභ්‍යන්තර ගැටුම් ඇතිවී ඇති බව වාර්තා වේ. ආණ්ඩුවට එක් වී සිටින කුඩා පක්ෂ මේ වනවිට එම ගැටුම් එළිපිට ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත.









