මීට වසර මිලියන 66කට පෙර වඳවී ගිය ඩයිනෝසෝරයන් අද දක්වා ජීවත්ව සිටියා නම් උන් මිනිසුන්ගේ බුද්ධියට සමන බුද්ධිමය හැකියාවක් අත්කර ගැනීමට ඉඩ තිබූ බව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිති. ලෝකය පුරා සිටින ඩයිනෝසරයන් පිළිබඳ විශේෂඥයන් 11ක් විසින් මෙහෙය වූ පර්යේෂණයක ප්‍රතිඵල එලි දක්වමින් ඔවුන් මෙසේ ප්‍රකාශ කර ඇත.
අතීතයේ පෘතුවිය මත ආධිපත්‍ය පැතිර වූ දැවැන්ත ඩයිනොසෝරස්ලා වඳවී ගියේ පෘතුවියේ ගැටුනු ග්‍රහකයක් හේතුවෙනි. ගැටීමෙන් පසු මාස ගණනාවක් පෘතුවි පෘෂ්ඨයට සූර්යාලෝකය නොලැබෙන සේ දැවැන්ත ධූවිලි වලාවන්ගෙන් වායුගෝලය වැසී ගොස් තිබේ. මේ නිසා ප්‍රභාසංස්ලේෂණය ඇණ හිට ශාක මත යැපුනු ඩයිනොසෝරස්ලා සීග්‍රයෙන් මියගොස් ඇති අතර ඒ නිසාම ආහර දාමය බිඳවැටී මාංශ භක්ෂක ඩයිනෝසරයන්ද මිය ගොස් තිබේ. එයින්ම උන්ගේ යුගය නිමා වී තිබේ.

Views: 0









