ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූ ප්‍රසංගය ඊයේ (27) සවස විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද සහෝදරත්වයේ පා ගමන සහ රැලිය අවසානයේ මෙම ප්‍රසංගය පවත්වනු ලැබූ අතර ප්‍රසංගයට ගී ගැයීමට එක් වූ සෑම කලාකරුවකුම ජාතිවාදයට එරෙහිව ජාතික සමඟය වෙනුවෙන් ඉතා උනන්දුවෙන් අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට ගී ගැයීමට එක් වූ කලා කරුවන් අතර,
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා, මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා, ඉශාක් බෙක්, දීපාල් සිල්වා සහ සිරස සුපර් ස්ටාර් සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සුපිරි තරු වන එම්.ජී. ධනුෂ්ක, උදේෂ් ඉන්දුල, චාමර ප්‍රසාද්, රුක්මන් අසිත යන කලාකරුවන් මෙන්ම සමාජවාදී තරුණ සංගමයේ චේන්ජ් සංගීත කණ්ඩායමේ ගායක ගායිකාවන්ද මෙහිදී ගී ගැයූ අතර ප්‍රසංගයේ නිවේදන කටයුතු සඳහා නාරද බක්මීවැව එක්ව සිටියේය.





















