වෙනසක අරුමය

ලෝකයේ සිටින ඉහලම කෝටිපතියන් 85 දෙනාගේ වත්කම් ප්‍රමාණය ලෝකයේ පහලම ආදායම් ලබන කෝටි 350ක ජනතාවගේ වත්කම් ප්‍රමාණයට සමාන බව ජූලි 24දා නිකුත් කල එක්සත් ජාතීන්ගේ සංවර්ධන වාර්තාව පෙන්වා දී තිබේ. ලෝක ජනගහනය දළ වශයෙන් කෝටි 700ක් පමණ වේ. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ලෝකයේ කෝටි 84ක පමණ ජනතාවක් හරිහැටි ආහාරයක් සොයාගත නොහැකිව කුසගින්නේ සිටින බවත් කෝටි 220ක ජනතාවක් අන්ත දුප්පත්කමේ හෝ ඒ ආසන්නයේ සිටින බවත්ය.

විශේෂයෙන් දකුණු ආසියාවේ වෙසෙන ජනතාව උග්‍ර දුගී භාවයකින් පෙළෙන බවත් සමස්ත ජනගහනයෙන් සියයට 71ක් දුප්පතුන් වන බවත් එහි සදහන් වේ.


Facebook
Twitter
LinkedIn