සිංහල, දෙමළ, මුස්ලිම් අපිට එකට ඉන්න ඉඩ දෙන්න

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානයකරන ලද සහෝදරත්වයේ පා ගමන අද (27) සවස කොළඹ මාළිගාවත්තේ සිට විහාරමහාදේවී එළිමහන් රංග පීඨය දක්වා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත් අතර එය අවසානයේදී පැවති සහෝදරත්වයේ රැලිය මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්විය.

සිංහල, දෙමළ, මුස්ලිම් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සහෝදරත්වයේ රැලියට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා, එකමුතුව සඳහා ජනරැලිය සංවිධානය නියෝජනය කරමින් එහි සම ප්‍රකාශක මොහොමඩ් හිෂාම් මහතා, ප්‍රවීණ සාහිත්‍යවේදීන් වන ආරියවංශ රණවීර මහතා සහ හිනිදුම සුනිල් සෙනෙවි මහතා, මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් සමන් වගආරච්චි මහතා, සමස්ත ලංකා හින්දු තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් මනෝහරන් මහතා, ජාතික භික්ෂු පෙරමුණේ ජාතික විධායක සභික මහනෙඑබදවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, සාමූහික ප්‍රයත්නය සංවිධානය වෙනුවෙන් ලක්මාල් නිරෝෂන් මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්. එන්.  අමීන් මහතා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතීඥ ප්‍රියන්ත ගමගේ මහතා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් වසන්ත සමරසිංහ මහතා, ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයේ ලේකම් රොහාන් ඒකනායන පියතුමා, සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරැණ පෙරමුණු සම්මේලනයේ ජාතික භාණ්ඩාගාරික හිටපු නාගරික මන්ත්‍රී ශාම් නවාස් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිතවරිය වූ තමාරා කුගනායගම් මහත්මියද සහභාගී වී සිටියහ.

දිවයිනේ ජනප්‍රිය කලා කරුවන් ස්වේච්ඡාවෙන් සහභෝදරත්වයෙ ගී සංගීත ප්‍රසංගය මේ වනවිට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.


Facebook
Twitter
LinkedIn