හිරේට ගිය සභාපති යතුරුත් අරන් ගිහින්

කුරාම් ෂෙයික් ඝාතනයට සහ ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමට වැරදිකරුවී සිරගෙට නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නිල කාමරයේ යතුරුද රැගෙනගොස් ඇතැයි වැඩබලන සභාපති ලාලිත ආර්. වනිගසේකර මහතා පසයි.

නිල කාමරයේ යතුර මාස තුනක් තිස්සේ තමන්ට භාරදී නැතැයිද මේ නිසා රාජකාරී කටයුතුවලට බාධා ඇති වී තිබෙන බවත් විදුලි සැපයුමද අඩාල වී ඇති බවත් වැඩබලන සභාපතිවරයා පවසයි.

 

පළාත් පාලන කොමාසාරිස්වද ‍දැනුවත් කරමින් ඉහත කරුණු අවධාරණය කර ඇතැයිද ඔහු පවසයා සිටී.

Facebook
Twitter
LinkedIn