යුද්ධයේදී සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වීම පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත්කළ කොමිසමට විකල්පයක් ලෙස ජනාධිපතිවරයා පත් කර තිබෙන ”මැක්ස්වෙල් පරණගම” කොමිසමට විශේෂඥ උපදෙස් දීම සඳහා පත්කළ අධිරාජ්‍යවාදී ඉත්තන් තිදෙනාගේ පැටිකිරිය මෙසේය.
01) රජ්‍ය නිතීඥ ඩෙස්මන්ද ලෝරන්ස්ද සිල්වා :-
ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. 1984 බ්‍රිතාන්‍ය රාජ්‍ය නීතිඥයෙකු ලෙස පත් කර ඇත. යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විශේෂඥයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපති කොෆී අනන්ගේ විශේෂ නියෝජිතයෙකු ලෙස 2002 දී සියරාලියෝන් යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත්කරයි. මෙම සියරාලියෝන් මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ක්‍රියාකළ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය චෝදක නිලධාරියා බවට පත් කෙරේ. 2005 දී එම ප්‍රධාන චෝදක නිලධාරියා බවටද පත් වේ.
ඔහුගේ චෝදනා මත එරට හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2011 දී යුධ අපරාධකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට ඩෙස්මන් ලෝරන්ස්ද සිල්වාගේ පරීක්ෂණ වාර්තාද ඉවහල් විය. මේ නිසා ඔහුට අධිරාජ්‍යවාදීන්ගේ ඉතා ඉහළ ප්‍රසංසා හිමිවිය. 2010 වසරේදී ගාසා තීරයේ තොරතුරු සෙවීමට පත්කළ අතර සිරියාවේ අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සොයා බැලීමට 2014 වසර මුලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත්කරන ලදි.
02) රාජ්‍ය නීතිඥ ජෙෆ්රි නයිස් :-
රාජ්‍ය නීතිඥයකු ලෙස 1990 දී පත් කරන ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය. යුගෝස්ලාවියාවේ හිටපු නායක ස්ලෝබදාන් මිලසොවිච්ගේ පාලන සමයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සොයා බලන ලද අතර එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය චෝදක වශයෙන් කටයුතු කළේය. ජාත්‍යන්තර යුධ අධිකරණයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ය. සිරියාවේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට 2014 දී පත්කළ පුද්ගලයෙක්ය. ඒ පිළබඳව සම්පාදනය කළ වාර්තාවේ සම කතෘවරයාය.
03) මහාචාර්ය ඩේවිඩ් එම් ක්‍රේන් :-
ඇමරිකානු ජාතික නීතිඥයෙක්ය. සියරාලියෝන් රාජ්‍යයේ මානව හිමිකම් විභාග කළ විශේෂ අධිකරණයට තොරතුරු සැපයූ ප්‍රධාන චෝදක ලෙස 2002-2005 අතර ක්‍රියා කර ඇත. එම රටේ හිටපු නායක චාල්ස් ටේලර්ට විරුද්ධව ප්‍රධාන චෝදකයාය. ඩේවිඩ් ක්‍රේන්ට පසුව ඩෙස්මන් ලෝරන්සද සිල්වා පත්කර ඇත. චාල්ස් ටේලර්ට වසර 50ක සිරදඬුවමක් නියම කෙරුණේ මේ අනුවය.
එක්සත් ජනපද පෙඩරල් රජයේ අවුරුදු 30 ක් සේවය කර ඇත. ඇමරිකා ඔත්තු සේවාවලට සම්බන්ධ office of intelligeice reviewe නම් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් ආයතනයේ සේවය කර ඇත. ජාත්‍යන්තර නීතිය, ජාතික ආරක්ෂාව පිළිබඳ නීතිය හා සන්නද්ධ අරගල පිළිබඳ නීතිය පිළිබඳ විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි. සිරියාව පිළිබද එක්සත් ජනපදයේ රාජ්‍ය කමිටු නියෝජිතයෙකු ලෙස 2013 සිට වාර්තා සැපයීම නිසා සිරියාවට එරෙහිව යුධ අපරාධ අධිකරණයක් පිහිටුවන ලදි. සිරියානු සරණාගතයින් පිළිබඳ වාර්තා සැපයීම් මණ්ඩලයේ සාමාජිකයෙක්ය. මෙරටට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ යුධ අපරාධ චෝදනා එල්ල කරමින් තිබීම පිළිබඳ පරීක්ෂණ කමිටුවේ ජාත්‍යන්තර උපදේශකයන් ලෙස ජනාධිපතිවරයා හොර රහසේ පත්කර තිබෙන්නේ මෙම අධිරාජ්‍යවාදී ඉත්තන් තිදෙනාය.









