තම පවුල සමග ඇමරිකාවට යාම සඳහා 1991 නොවැම්බරයේ සිට යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් එවකට ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත ගෝටාබය රාජපක්ෂ විසින් ලියන ලද ලිපියක් සහ එම විශ්‍රාම ලැබීම අනුමත කරමින් එවකට හැමිල්ටන් වනසිංහ හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් තිබේ.
ලුතිනන් කර්නල් එන්.ජී. රාජපක්ෂ, ජී.ආර්. (ගෝටාබය) විසින් 91 නොවැම්බර් 01 වැනි දින සිට නිත්‍ය බලසේනාවෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් මෙම නිලධාරියා ඇ.එ.ජ. වෙත සංක්‍රමණය වීමට සැලසුම් කර ඇති බවත් එම ලිපියේ සඳහන් කරන හැමිල්ටන් වනසිංහ හමුදාපතිවරයා, තමන් එම නිලධාරියා හමුවී මේ අවස්ථාවේ විශ්‍රාම ගැනීමට ගන්නා ලද තීරණය නැවත සලකා බලන ලෙස උපදෙස් දුන් බව කියා සිටී. කෙසේ වුවද ඔහු (ගෝටාබය) මේ කරුණ ගැඹුරින් සිතා බලා තීරණය කරන ලද ලද බවත් කළ හැකි වෙනත් දෙයක් නොමැති බවත් තවත් ප්‍රමාද වුවහොත් තම පවුලට හා දරුවන්ට අහිතකර ලෙස බලපානු ඇති බවත් කියා සිටි බව හමුදාපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කරයි.
ගෝටාබය ලුතිනන් කර්නල්වරයා 1991 අප්‍රේල් මාසයට හමුදාවේ වසර 20ක කාලයක් සම්පූර්ණ කර ඇති බැවින් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවද රජයට හා රෙජිමේන්තු ආයතනයන්ට ඔහුගෙන් අයවිය යුතු සියලු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවද හමුදාපතිවරයා එහි සඳහන් කර ඇත.
1991 ජූලි 20 වැනි දින ලුතිනන් කර්නල් ගෝටාබය රාජපක්ෂ විසින් විශ්‍රාමය ඉල්ලා ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය පහතින් පල වේ.
ජනාධිපතිවරණය අබියස පළමුවත් රට, දෙවෙනුවත් රට, තෙවෙනුවත් රට යනුවෙන් දිවුරා ප්‍රකාශ කළ නායකයන් පෙරදීත් රටට වඩා පවුල ගැන සිතා තිබූ බව ජනතාව නොදැන සිටින්නට ඇති නමුත් මේ වනවිට රට පාලනය කෙරෙමින් ඇති ආකාරය අනුව අදටද පළමු, දෙවෙනි හා තෙවැනි තැන ඇත්තේ රටට නොව පවුලට බව සනාථ වී ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම්හු සඳහන් කරති.
එසේම ගෝටාබය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව 18ට වැඩි සියලු දෙනාටම විනය හැදීමට යැයි කියා හමුදා පුහුණුව ලබාදෙන මොහොතක මෙම ලිපි නිරාවරණය වීම විශේෂත්වයකි.












