බ්‍රසීල ඡනාධිපතිගේ අනුගාමිකයෝ පාවුලෝ කොයියෝගේ පොත් ගිනි තබති !

බ්‍රසීල ඡනාධිපතිගේ අනුගාමිකයෝ පාවුලෝ කොයියෝගේ පොත් ගිනි තබති !

බ්‍රසීලය බිහිකල ආශ්චර්යමත් නවකතාකරුවා පාවුලෝ කොයියෝ බව අවිවාදිතය. ඔහුගේ The Alchemist නැමති කෙටි නවකතාව පමණක් පිටපත් මිලියන 65ක් විකුණා ඇති අතර සති 315කට වැඩි කාලයක් නිව් යෝර්ක් ටයිම්ස්හි වඩාත්ම අලෙවි වූ ලැයිස්තුවේ තිබිණි. එය විවිධ භාෂා 80කට පරිවර්තනය කර ඇති අතර, ඕනෑම ජීවමාන කතුවරයකුගේ කෘතියක් වඩාත්ම පරිවර්තනයට ලක් කරන ලද කෘතිය ලෙස ගිනස් ලෝක වාර්තාව ඔහුට හිමිය.

එහෙත් මොනතරමි විශිෂ්ට නිර්මානකරුවෙකු වුවද ඔහු හෝ ඇය තමන් උපන් රටෙි පාලකයාගේ ක්‍රමයට සහ ඔහුට ක්‍රියාකාරී ලෙස එරෙහි වු විට ඔහු හෝ ඇය සිය මතෘ භුමියට ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසයි. පාවුලෝ කොයියෝටද තමන් උපන්බිම වු බ්‍රසීලයේ දක්ෂිනාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ කළේ ඒ ටිකය. ඉතින් ඔහුගේ අනුගාමිකයෝ පාවුලෝ නැමති තම දේශයට කීර්තිය හා ආඩමිබරය ගෙන දුන් මිනිසාගේ නිර්මාන පුලුස්සා දැමූහ. පුලුස්සා දැමීම වීඩියෝ හරහා අන්තර්ඡාලය තුළ බෙදා හැරියෝය. දර්ශන 711,000 කට වඩා ලබාගත් වීඩියෝව පාවුලෝව අමත්නනේ අපායේ සිට පැමිනි කොමියුනිටිස්කාරයා යනුවෙනි. එවිට පාවුලෝ කොයියෝ ටිවිටර් කළේ “උඩු රැවුලක් ඇති” ජර්මනියේ නායකයෙක්ද 1943 දී එය කළ බවයි. ඉතිහාසය මකා දැමීම සදහා පොත්වලට ගිනිලැමට තම අනුගාමිකයන්ට අනුබල දීම !
ඡෙයාර් බෙල්සනාරෝට පාවුලෝ සමග ඇති අරියාදුව කුමක්ද ?

73 හැවිරිදි කොයියෝ, දක්ෂිනාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වුයේ පෘතුවියේ පෙනහැල්ල යැයි ලෝකයා විශ්වාස කළ ඇමසන් ලැව්ගින්නේ නිර්මාතෘ ඔහු බව පවසමිනි. ඔහු ඒ සදහා “ඩිෆන්ඩ් බොල්සොනාරෝ” ව්‍යාපාරයට ක්‍රියාකාරී ලෙස සහය පළ කලේය.

බ්‍රසීල ජාතියේ ආරම්භය සංකේතවත් කරන්නේ, ඔවුනගේ හදවත බදු බ්‍රසීල කෞතුගාරයයි. එය බ්‍රසීලයේ අනාදිමත් ඉතිහාසයක වර්තමාන සාක්ෂිකරුවාය. එහෙත් එහි 200 වැනි උපන්දිනය සැමරීමට මසකට පෙර 2018 සැප්තැම්බර් 04 වැනිදා ගිනිගෙන අලු බවට පත්විය. බ්‍රසිලියානුවෝ විදි දිගේ හඩා වැළපුනහ. එය දකුණු ඇමරිකාවේ වඩාත් ඓතිහාසික වස්තුවලින් පොහොසත්ම කෞතුකාගාරය ලෙස කීර්තිය රැස්කල අතර එහි බ්‍රසීල පුරාවස්තු, ඊජිප්තු එකතුවක් සහ බ්‍රසීල ඉතිහාසයේ වඩාත්ම පැරණි ෆොසිල අඩංගුවද විය වසරකට අමුත්තන් 154,000ක් එහි පැමිණියේ නිකමි නොවෙි. පාවුලෝ කොයියෝ ප්‍රසිද්ධියේ එහි මුලු මහත් වරදම පැටෙවිවෙි රට කරවන බොල්සොනාරෝටය.

පාවුලෝ 2020 ඔක්තොබර් ටිවිටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රිස්තියානි තලෙයිබාන්කාරයෙක් රට පාලනය කරන බවත් සියලු රටවල් බ්‍රසීලයේ භාන්ඩ වර්ඡනය කළ යුතු බවත්ය.

බ්‍රසීල ඡනාධිපතිට ඩෝන් යන්න මෙි මදිද ? ඉතින් හේ සිය අනුගාමියන් ලවා ඔහුගේ අසිරිමත් කෘති ගිනි තැබුහ.

එහෙත් ඒ මොහොතේ වෙනිසියුලාව හා කියුබාව පාවුලෝ කොයියෝට කීවෙි එහේ ඉන්න ඔන නැහැ අපේ රටවල් ඔබ වෙනුවෙන් විවෘතයි යනුවෙනි.

©️ Upali Jayasinghe

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්