සියලු නියාමන අධිකාරි ආණ්ඩුවට ‘ඇලජික්’ වෙයි… PUCSL එකෙන් දඩයම ඇරඹේ…

සියලු නියාමන අධිකාරි ආණ්ඩුවට ‘ඇලජික්’ වෙයි… PUCSL එකෙන් දඩයම ඇරඹේ…

පසුගිය දෙසැම්බර් 16 අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් පවතින සියලු නියාමන ආයතන දැඩි දෝෂ දර්ශනයකට ලක් කර ඇත.

මහජන උපයෝගිතා කොමිසම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ඖෂධ නියාමන අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසම සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම නියාමන ආයතන සංවර්ධනයට බාධා කරන ආයතන ලෙස එමගින් හඳුන්වා තිබේ.

මේ සියලුම නියාමන ආයතන අහෝසි කිරීමේ පළමු පියවර ලෙස විදුලිය, ජලය සහ ඛනිජ තෙල් මිලදී ගැනීම හා විකුණුම් මිල තීරණය කරන මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට අගමැතිවරයා යෝජනා කර ඇත. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කලින්ම ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබුණි. කෙසේ නමුත් එම පියවර නීතිවිරෝධී හෙයින් පසුව නියාමන කොමිසමේ සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ, මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු සියලු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දුරකථනයෙන් දන්වා තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්