2016 දී අවසාන පක්ෂ කොංග්‍රසයේදී ඉලක්ක කල ආර්ථික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමට හා උතුරු කොරියාව මුහුණ දෙමින් සිටින නව අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාලක උතුරු කොරියානු පක්ෂය පක්ෂ නායක Kim Jong-one ගේ නායකත්වයෙන් හදිසි පක්ෂ කොංග්‍රසයක් අද (06) දින සිට කැඳවා ඇත.
කොරෝනා වයිරසයෙන් පිඩා විදින කිසිදු රෝගියෙකු උතුරු කොරියාවේ නොමැති බව වාර්තා වන අතර පක්ෂ සම්මේලනයට සහභාගී වන කිසිදු නියෝජිතයෙකු මාස්ක් නොපැළඳ සිටීමද කැපී පෙනුන දර්ශණයක් විය. කොංග්‍රසය අමතමින් පක්ෂ ලේකම් Kim Jong-one පැවසුවේ පසුගිය ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක වී ඇති බවත් එයින් බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට තමන් අපොහොසත් වූ බවයි. ඒ අනුව තමන් හා පක්ෂය අතින් සිදුවූ වැරදි පිළිබඳව තම ජනතාවගෙන් සමාව ඉල්ලන බවත්ය.
ඒ අනුව ඉදිරි වසර පහ තුළදී රටට අවශ්‍ය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා පැය 170ක නව වැඩ කාලයක් හඳුන්වා දෙන බවත් රටේ ආරක්ෂාව සඳහා එක්සත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙසද ජනතාවගෙන් හා පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බිඩන් දිවුරුම් දීමට සති දෙකකට පෙර එනම් ජනවාරි 20 වැනිදාට පෙර මෙම කොංග්‍රසය කැඳවීම විශේෂිත සිද්ධියක් වනු ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරති. සිය න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය නිසා ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දී සිටින උතුරු කොරියාව පසුගිය මාස 11 තුළදී චීනය සමග තම ආර්ථික සම්බන්ධතා 79%කින් වැඩි කරගෙන තිබිණි. ඒ අතර ජෝ බයිඩන් දකුණු කොරියවට තම සහය දිගටම ලබා දෙන බවටද සහතික වී ඇත.
පසුගිය ඇමරිකන් ජනාධිපතිවරණ සමයේදී ජෝ බයිඩන් උතුරු කොරියානු නායකයා පල් හොරෙකු බවත් ඔහු සමාන කල හැක්කේ හොරෙකුට හා හිට්ලර්ට පමණක් බවටත් පැවසීය. එහිදී එයට පිළිතුරු ලෙස Kim Jong පැවසුවේ ජෝ බයිඩන් යනු “පිස්සු වැටුණු බල්ලෙකු” බවත් දුටු තැන මරාදැමිය යුතු එකෙකු බවත්ය. කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා වසංගතය නිසා බරපතළ අර්බුදයක සිටින ඇමරිකාවට ජාත්‍යන්තර පොලිස්කාරයාගේ කාර්යය සිදු කිරීම තවදුරටත් එතරම් පහසු කටයුත්තක් නොවන්නේ කොරෝනා වසංගතයෙන් පසුව චීනය ආර්ථික හා මිලිටරි නව බලවතෙකු ලෙස ලෝකය තුළ හිස එසවීම නිසාවෙනි.
එසේම උතුරු කොරියාවේ ලඟම මිතුරා චීනය බව මුළු ලොවම දන්නා කරුණකි. උතුරු කොරියා පාලක කම්කරු පක්ෂයේ නව යෝජනා හා අරමුණු කුමන ආකාරයක් ගනී දැයි ඉදිරි දින කිහිපය තුළදී ලෝකය දැනගනු ඇත. සම්මේලනය අවසානයේදී දැවැන්ත මිලිටරි සංදර්ශනයක්ද පැවැත්වෙනු ඇති අතර ඔවුන් විසින් අත් පත් කරගෙන ඇති නව න්‍යෂ්ටික බලය එහිදී ප්‍රදර්ශණය කෙරෙනු ඇති බවට අනුමාන කෙරේ.










