මේ වනවිට කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන “කඩවුණ පොරොන්දුවෙන් අහිමිවන නිධානය” සම්මන්ත්‍රණය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ප්‍රකාශ කරන්නේ මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමතිවරයාට තේපැන් සංග්‍රහයක් පැවැත්වීමටත් ණය ගැනීමට ආණ්ඩුවට සිදුවී තිබෙන බවය.
රජයේ මුළු ආදායම ණය වාරික සහ පොලිය ගෙවීමටත් නොහැකි බංකොලොත් තත්වයකට රට පත්වී ඇතැයිද විශේෂයෙන්ම විදේශ ණය ආපසු ගෙවීමේ නොහැකියාව නිසා රටේ ජාතික සම්පත් විකිණීමට බලකෙරෙමින් තිබෙන බව අනුර දිසානායක අවධාරණය කළේය.
මේ වනවිට චීනයෙන් ඩොලර් මිලයන 1500ක් ලබාගැනීම සඳහා කොළඹ වරාය නගරයේ ලංකාව සතු භූමි කොටස විකුණා දැමීමටත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණා ඩොලර් මිලියන 1000ක ණය ලබා ගැනීමටත් ආණ්ඩුව සූදානම් වී සිටින බවද ඔහු පැවසීය.
1










