වරාය විකිණීමට විරුද්ධව බාහිර වෘත්තීය සමිතිත් පෙලගස්වනවා – ලාල්කාන්ත

වරාය විකිණීමට විරුද්ධව බාහිර වෘත්තීය සමිතිත් පෙලගස්වනවා – ලාල්කාන්ත

වරාය විකිණීමට විරුද්ධව බාහිර වෘත්තීය සමිතිත් පෙලගස්වන බව මේ වනවිට කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන “කඩවුණ පොරොන්දුවෙන් අහිමිවන නිධානය” යන මැයෙන් පවත්වන සම්මන්ත්‍රණයේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත පැවසීය.

මෙය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබෙන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයයි.

“වරාය විකිණීමට විරුද්ධව මේ වනවිට වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධ වෙලා ඉන්නවා. මේ 11 වෙනිදා වෙනත් වෘත්තීය සමිති එක්කත් සාකච්ඡාවක් පවත්වනවා. නමුත් ඡන්දයක් ආවාම මේ වෘත්තීය සමිති තම තමන්ගේ පක්ෂවලට බෙදිලා ඡන්දය දෙනවා. හැබැයි වාමාංශික ව්‍යාපාර නොවන නව ලිබරල් ධනවාදී මේ පක්ෂ තුනම කරන්නේ රටේ සම්පත් විකිනීම බව මේ අය තේරුම් ගන්නේ නැහැ. අපේ වගකීම තමයි මේ රටේ වැඩකරන ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාවට මේ දේශපාලන අවබෝදය ලබාදීම.” යැයි ලාල්කාන්ත එහිදී පැවසීය.

Facebook
Twitter
LinkedIn