රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ රෝගීන් නව දෙනෙකුට ලෙස 14 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි අද (30) තහවුරු කරගෙන තිබේ.
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කරන්නේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්‍ධ කරගෙන ඊයේ (29) රත්නපුර ශීක්‍ෂණ රෝහලේ සිදු කළ අහඹු PCR පරීක්‍ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවය.
මෙම තත්වය රත්නපුර මහ රෝහලේ සෙසු කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවත් සියලු දෙනා වෙන්කර අවශ්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගත් බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අවධාරණය කරයි.
0










