වසර ගණනාවක් පුරා ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරනු ලබන මෑන් පවර් සේවකයින්ගේ සේවය මැයි මස 30 වන දින සිට අවසන් කිරීමට ආණ්ඩුව සූදානම් වන අතර ඒ සම්බන්ධයෙන් අද (30) පෙරවරු 11.30ට ජලසම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර සමග විශේෂ සාකච්ඡාවක් සිදු කරන බව ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ සම ලේකම් එස්.ඩී.නීල් ලීලාරත්න සඳහන් කරයි.
එම සේවක සංගමයේ ලේකම්වරයා සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරනු ලබන මෙම සේවකයින් නිවැරදි වැඩපිළිවෙලක් යටතේ මණ්ඩලයට අන්තර්ග්‍රහණය කර ගැනීම සදහා වැඩපිළිවෙලකට යාමට මෙම සාකච්ඡාව ඉවහල් වනු ඇති බවයි.
මෙම සාකච්ඡාව සඳහා ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය සමග මෑන් පවර් දිස්ත්‍රික් නියෝජිත පිරිසක්ද සහභාගි වන බවත් තමන්ද ඊට සහභාගී වන බවත් එම සේවක සංගමයේ සම ලේකම්වරයා සඳහන් කළේය.
4










