ශ්‍රේෂ්ඨාධිකරණය Z-score පෙත්සම් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය Z-score පෙත්සම් ප්‍රතික්ෂේප කරයි

මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණ (ඉසෙඩ් ස්කෝර්) අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබේ.

බුවනෙක අළුවිහාරේ, එස්. තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳව සලකා බැලීම ඉකුත් දින තුනක් පුරා සිදුකෙරුණි.

ඉන් අනතුරුව ඊයේ (23) දින සිය තීරණය ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මෙම පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව දැනුම් දී ඇත.

2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්