දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමටද බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
ජල සැපයුම යථා තත්වයට පත්කිරීමට විදුලි සැපයුම යථා තත්වයට පත්වීමෙන් පසු පැය 3ත් 5ත් අතර කාලයක් ගත වනු ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
මෙලෙස ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇත්තේ විදුලිජනන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලිනි.
මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.
11










