වැලිකඩ, කොළඹ මැගසින්, රිමාන්ඩ් බන්ධනාගාරය සහ කාන්තා අංශය ඇතුළු කොළඹ පිහිටි බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 100කගෙන් යුත් කණ්ඩායමක් හෙට (17) සිට යෙදවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.
බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා මෙම කණ්ඩායම යොදවන අතර බන්ධනාගාර තාප්පවලට පිටතින් තහනම් භාණ්ඩ විසිකිරිම ඇතුළු නිතිවිරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධනාගාර ආරක්ෂාව මෙමගින් බලාපොරොත්තු වන බව එම මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
7










