මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,890ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,890ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2,890ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (15) හමු වූ ආසාදිතයින් සිව්දෙනාද සමග ය.

අදාළ පුද්ගලයින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තුර්කිය සහ මාලදිවයිනේ සිට පැමිණි අය බව හඳුනාගෙන ඇත.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 213 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 2,666 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝගීන් 11 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Facebook
Twitter
LinkedIn