“අපි ආයනම් එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ…” යැයි කියමින් මහ කුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) අලුයම ජනතාව කෑකෝ ගමන්නට වූයේ වන අලි ප්‍රහාරයක් හේතුවෙන් 40 හැවිරිදි එක්දරු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.
එම පුද්ගලයා මියගොස් සිටි ස්ථානයට ගැමියෝ 1000කට ආසන්න පිරිසක් එක්රැස් වී සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපයට පුද්ගලයින් 06 දෙනෙකු වන අලි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි.
පසුගිය මහ මැතිවරණයේදී ගමට පැමිණි දේශපාලණඥයින්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට මෙම වන අලි ප්‍රශ්නය මාතෘකාවක් වූ බවත් ඉදිරියේදී මේ සඳහා විසඳුන් ලබා නොදෙන්නේනම් ඔවුන් කිසිවෙකුටත් නැවත ඡන්දය ලබා නොදෙන බවත් එම ගැමියෝ පවසති.

32









