වරාය විකිණීමේ ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මකයි – වෘත්තීය සමිති අඛණ්ඩ සත්‍යග්‍රහයක

වරාය විකිණීමේ ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මකයි – වෘත්තීය සමිති අඛණ්ඩ සත්‍යග්‍රහයක

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ ව්‍යාපෘතිය වත්මන් රාජපක්ෂ ආණ්ඩුව සමයේද ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කරමින් කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (29) දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

එම වරායේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවට පැවරීම සඳහා පසුගියදා වරාය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

නැගෙනහිර ජැටියේ ස්ථාපිත කිරීම ගෙනා දොඹකර වරාය භූමියට ගොඩබෑම සඳහා වත්මන් රජයේ අවසරය නොලබා දින ගණනාවක් කල් ගත කළ අතර පසුව සේවක වර්ජනයක්ද ආරම්භ කරන ලදී. එම වර්ජනය හේතුවෙන් දොඹකර තුන ගොඩබෑමට පමණක් අවසර දුන් අතර මේ දක්වා එම දොඹකර සවි කිරීට අවසර ලබාදී නැත.

මේ සියලු කරුණු අනුව පැවති රනිල්+මෛත්‍රී පාලනය විසින් ගෙනගිය ජනතා දේපල විදෙස් රාජ්‍යයන් වෙත විකිණීමේ ක්‍රියාවලිය වත්මන් රාජපක්ෂ පාලනය විසින්ද සිදු කරමින් තිබෙන බව පැහැදිලි ය.

කෙසේ වෙතත් පැවති රනිල්+මෛත්‍රී පාලනයටත් වත්මන් රාජපක්ෂ පාලනයටත් නැගෙන හිර ජැටිය විකිණීමේ ගිවිසුම අත්සන් කරගැනීමට නොහැකිවී තිබෙන ප්‍රධාන සාදයක් වන්නේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොකර ඇති පැමිණිල්ලක් ය.

Facebook
Twitter
LinkedIn