බුලත් ප්‍රති අපනයන ජාවාරමක් ගැන හෙළිවෙයි… එංගලන්තය ලංකාවේ බුලත් ප්‍රතික්ෂේප කරයි…

බුලත් ප්‍රති අපනයන ජාවාරමක් ගැන හෙළිවෙයි… එංගලන්තය ලංකාවේ බුලත් ප්‍රතික්ෂේප කරයි…

සති කිහිපයක සිට ශ්‍රී ලංකාව බුලත් ජාවාරම්කරුවන්ගේ ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකා බුලත් සඳහා ඇති ඉල්ලුම පහත වැටෙමින් තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම මීට පෙර බුලත් ප්‍රති අපනයනය සඳහා ශ්‍රී ලංකාව යොදා ගත් බවට තොරතුරු වාර්තා වි නැතත් මේ වනවිට දැනට සති 4ක 5ක පමණ කායලක සිට ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට බුලත් ආනයනය කර ශ්‍රී ලංකාවේ බුලත් සමග ම්ශ්‍ර කර ශ්‍රී ලංකාවේ බුලත් ලෙස විදෙස් රටවලට අපනයනය කරමින් තිබෙන බව අනාවරණය වේ.

මෙලෙස ශ්‍රී ලංකාවේ සිට බ්‍රතාන්‍යය වෙත ගෙන ගිය බුත් අවස්ථා හතරකදී පමණ ප්‍රතික්ෂේප කර ඇත්තේ එම බුලත්වල මිනිස් සහ සත්ව මලපහ මිශ්‍රවී ඇති බවට තහවුරු කරමිණි.

මීට පෙර ඉන්දියාවේ සිට බ්‍රතාන්‍යය වෙත ගෙන ගිය බුත්වල මෙලෙස මිනිස් සහ සත්ව මලපහ මිශ්‍රවී ඇති බවට තහවුරුවීම නිසා තහනම් කළ අතර ඉන් පසු අදාළ බුලත් ප්‍රති අපනයනය කිරීමේ ජාවාරම ආම්භ කර ඇත.

ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ බුලත්වලට ඇති කීර්තිනාමය මෙම ජාවාරම් හේතුවෙන් පහළ බසිමින් තිබේ.

කෙසේ වෙතත් තවමත් මෙරට ප්‍රධානම බුලත් ගැනුම්කරුවා වන පකිස්ථානය තවදුරටත් බුලත් මිලදී ගනිමින් සිටී.

ඊයේ (25) පස්වරුවේ ජාතික රූපවාහිනියේ පැවති සැඟවුනු කහවනු වැඩසටහනට එක්වෙමින් නාරම්මල පිහිටි බුලත් හා අතුරුවගා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පර්යේෂණ ආචාර්ය ආනන්ද සුබසිංහ මහතා සිදු කළ අනාවරණයකින්ද උක්ත කරුණ මැනවින් තහවුරු වේ.

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කිරිම තහනම් කෙරුණු ගම්මිරිස්, පුවක් ආදිය අතරට බුලත්ද ගැනුණු නමුත් මෙතෙක් කාලයකට බුලත් ආනයනය කර ප්‍රති අපනයනය කිරීමක් සිදු නොවුනු බවත් මෑතකදී සති කිහිපයකට උඩදී මෙලෙස ප්‍රති අපනයනය ආරම්භ කර තිබෙන බවත් ආචාර්ය ආනන්ද සුබසිංහ මහතා එහිදී සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා.

“ලංකාවේ බුලත් වගාව වැඩිම දිස්ත්‍රික්ක දෙක ගම්පහ සහ කුරුණෑගලයි. අපනයනයට යොදා ගන්නේ කළු බලත්. රට තුළ පරිභෝජනය කරන්නේ කෙටි බුලත්.

අපේ බුලත්වල ප්‍රධාන ගැනුම්කරු පකිස්ථානයයි. ඊට අමතරව යුරෝයේ රටවල් කිහිපයක් බුලත් මිලදී ගන්නවා. බුලත් ආශ්‍රිතව ජීවත්වෙන අය ලක්ෂ දෙකක පමණ පිරිසක් සිටිනවා. අපේ ගොවියා බුලත් වවන්නේ ගොඩාක් දුෂ්කරකම් මැද්දේ. මෙහි ප්‍රධානම ගැටළුව තමයි දීලිර රෝග ආසාදනය වීම. එහෙම දුෂ්කරතා මැද වවන බුලතට පහුගිය කාලේ හොඳ මිලක් තිබුනා. නමුත් මේ අවුරුද්දකට එක හමාරකට දෙකකට කලින් අපේ බුලත්වල මිල විශාල වශයෙන් පහළ වැටුනා.

ඒකට හේතු වුනේ අපේ ප්‍රධාන ගැනුම්කරුවා වූ පකිස්ථානය පනවනු ලැබූ විශේෂ බදු කොන්දේසි. එම ගැටළුව විසඳීමට එවක පාලකයන් සමත් වුනේ නැහැ. ඒ අනුව අපිට උද්ඝෝෂණය කරන්න සිදු වුනා. බුලත් විකුණගන්න බැරුව ගොවියෝ මහ මග හලලා ගියා. අපේ අරගලවල ප්‍රතිඵලයක් විදිහට යම් මට්ටමකින් බුලත් වෙළඳපොල සාමාන්‍ය කරනය කරගැනීමට සමත් වුනා. එවන් තත්වයක් යටතේ අපේ බුලත් එංගලන්තය විසින් මිලදී ගැනීම නතර කරල තිබෙනවා. මීට හේතුව තමයි එම බුලත්වල මිනිස් සහ සත්ව මලපහ මිශ්‍රවීම.

සැබෑවටම සිදුවී ඇත්තේ ඉන්දියානු බුලත් ලංකාවට ගෙනවිත් ලංකාවේ නමින් ප්‍රති අපනයන කිරීම තුළ මෙම තත්වය උදාවීමයි. ගම්මිරිස්වලට, කරුංකාවලට කළ දේම බුලත්වලටත් මේ වනවිට සිදුකරමින් පවතිනවා. ලෝකයේ අනික් රටවලටත් මෙම පණිවිඩය ගිය පසු අපගේ බුලත් ගොවියා අමාරුවේ වැටෙන එක වැලැක්විය නොහැකි තත්වයක්.

මෙහි වගකීම වර්තමාන ආණ්ඩුව බාරගන්න ඕනා. මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා බලයට ආවේ සුළු අපනයන බෝග ඇතුළු මෙවැනි අපනයන බෝග නිෂ්පාදනයේ යෙදෙන ජනාතව විශ්වාසනීයත්වයක් ඇති කරලා. තමන්ගේ අපනයන බෝගවලට හොඳය තත්වයක් ඇති කරන්න කියලා. අද කනකොකා හඬන නැතට පත්වෙලා. ආණ්ඩුවේ හරිහමන් පාලනයක් තිබේනම් මෙවන් තත්වයක් උදාවිය නොහැකියි. දේශපාලන සම්බන්ධකම් නොමැතිව මෙවැනි ජාවාරම් සිදු කළ නොහැකි බව ඉතා පැහැදිලිය. එම නිසා වත්මන් ආණ්ඩුව, ජනාධිපතිවරයා මෙම තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා බුලත් ගොවියා ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතුයි.”

Facebook
Twitter
LinkedIn