මහ මැතිවරණයේ දිනය ජුනි 08 දැනුම්දෙනවා…

මහ මැතිවරණයේ දිනය ජුනි 08 දැනුම්දෙනවා…

මහ මැතිවරණය පවත්වන දිනය ලබන සඳුදා (ජුනි 08) වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා පැවසූවේ අද (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ලබන සඳුදා රැස්වීමට නියමිත බවත් එම රැස්වීමේදී මහ මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාකර තීරණයක් ගන්නා බවත් ඉන් පසු එ් පිළිබඳව රට දැනුවත් කරන බවත් එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසී ය.

මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළුත් ලියවිල්ලද තමන් වෙත ලැබී ඇති බව මෙහිදී සභාපතිවරයා පැවසී ය.

Facebook
Twitter
LinkedIn