තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය මාධ්‍යවේදියෙක් ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ

තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය මාධ්‍යවේදියෙක් ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ

හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු, ඔහුගේ නිවසේ අයෙකු සහ රියදුරෙකු අද (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පවසයි.

අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්තාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණි අයෙකු බවද වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක්ම මතු ව ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියි.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් යලිත් වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත් එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධනයට යොමු කළ බවත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියි.

Facebook
Twitter
LinkedIn