ශ්‍රී ලංකා මහබැංකුවේ මූදල් මණ්ඩලයේ නියෝජිතයින් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ.
එසේ ඉල්ලා අස්වී ඇත්තේ නිහාල් ෆොන්සේකා මහතා සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරියකද වන ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මියයි.
මෙම දෙදෙනාම ජාත්‍යන්තර අත්දැකීම් ඇති දෙදෙනෙකි.
ඔවුන්ට එම ධුරයන් හි ස්වාධීනව වැඩ කිරිමට නොහැකි වන පරිදි බලපෑම් එල්ලවී ඇතැයිද වාර්තා වේ.
නිහාල් ෆොන්සේකා මහතාට මහබැංකු මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස තවත් අවුරුදු දෙකක කාලසීමාවක් තිබූ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මියට මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස තවත් අවුරුදු 5ක කාලසීමාවක් තිබිණි.
නිහාල් ෆොන්සේකා මහතා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අස්විම ගැන මේ වනවිට මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.

Views: 0










