
ඕස්ටේලියාව සමග පර්ත් හිදි පැවති තෙවන ටෙස්ට් තරගයේදි සෙමින් පන්දු යැවීමේ සාමන්ය්යක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය කිකට් පිලේ නායක එම් එස් දෝනි හට ඔස්ටේලියාව සමග ඇඩිලේඩ් හිදි පැවැත්වෙන සිව් වන ටෙස්ට් තරගය සදහා තරග තහනමක් පනවා ඇත.
ඒ අනුව සෙමින් පන්දු යැවීමේ සාමන්‍යක් පවත්වාගෙන යෑමේ හේතුවෙන් තරග තහනමකට මුහුණ දෙන පලමු නායකයා ලෙස ඉන්දීය කිකට් පිලේ නායක එම්.එස්.දෝනි පත්වනු ඇත.
වසරක් ඇතුලත මෙම චෝදනාවට දෙවරක් ලක් විම හේතුවෙන් ජාත්ය න්තර කිකට් කවුන්සිලය විසින් මෙම තහනම දෝනිට එරෙහිව පනවා ඇත.
මීට අමතරව තරග දීමනාවෙන් 40 දඩ මුදලක් ගෙවීමටද ඉන්දීය නායකයාහට සිදු වනු ඇත.
ඕස්ට්‍රේලියානු සංචාරයේදි තරග 3-0 ලෙස අන්ත පරාජයකට ලක්ව සිටින ඉන්දියානු කන්ඩායම සිව්වන ටෙස්ට් තරගයේදි මෙහෙයවීමේ වගකීම විරේන්ද්‍ර ෂේවාග්හට ලැබෙනු ඇතැයි කිකට් විචාරකයෝ පවසති.
7









