ඉන්දියාවේ ලොක් ඩවුන් කාලය දීර්ඝ කරයි

ඉන්දියාවේ ලොක් ඩවුන් කාලය දීර්ඝ කරයි

මැයි මස 04 වනදා දක්වා පනවා තිබූ ඉන්දියාවේ ලොක් ඩවුන් සීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මැයි 18 වනදා දක්වා එය දීර්ඝ කර ඇති බව එරට බලධාරීහු පවසති.

කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව ඉන්දියාව රතු, තැඹිලි සහ කොළ ලෙස කළාපවලට වෙන් කර ඇති අතර රෝගින් වැඩිපුර හමුවන ප්‍රදේශ රතු ලෙස නම්කර තිබේ.

දින 21කින් රෝගීන් වාර්තා නොවූ ප්‍රදේශ හරිත කළාප ලෙස නම්කර ඇත.

වයිරස ව්‍යාප්තිය අඩු ප්‍රදේශවල යම් ලිහිල් කිරීම් සඳහා අවසර දී ඇතැයි ද සඳහන් වේ.

ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලම රතු කළාප ලෙස නම්කර ඇති අතර දැඩි අගුලු දැමීමේ නීති පවා පනවා තිබේ.

Facebook
Twitter
LinkedIn