එක් වරක් කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී අංගොඩ IDH රෝහලෙන් ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයෙකුට නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
පසුගිය මාර්තු මස 17 වෙනිදා කොරෝනා වෛරසය ආසාදනය වීම මත මෙම පුද්ගලයා අංගොඩ IDH රෝහට ඇතුළත් කර ප්‍රතිකාර ලබා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වනදා නැවත නිවසට යවා ඇත.
ඉන් අනතුරුව නිවසේ නිරෝධායනය වෙමින් සිට ඇති මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී එම රෝගියාට නැවත PCR පරීක්ෂණයක් සිදු කර ඇත. ඒ අනුව අද (02) අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවය. අනතුරු මොහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නැවතත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර තිබේ.
Views: 0










