කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව සාකච්චා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබේ.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපය පහතින් පල වේ.
“සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය,
සරණ මාවත,
රාජගිරිය.
ගරු සභාපතිතුමනි,
පාර්ලිමේන්තු මහ මැතිවරණය – 2020
මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබාගැනීම
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් කළ යුතු යැයි අපි අදහස් කළෙමු.
එබැවින් මෙම ගැටළුවේ ඇති වැදගත්කම සලකා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ලෙස අපට මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් සඳහා ඉක්මන් දිනයක් හා වේලාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
අනුර දිසානායක
කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක
ජාතික ජන බලවේගය
2020.04.14”










